අලුත උපන් දරුවකුට නම් තැබීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිර් විද්‍යාත්මක ක්‍රමවේදය



අලුත උපන් දරුවකුට නම් තැබීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිර් විද්‍යාත්මක ක්‍රමවේදය

පසුබිම :
අප හැම ජීවත් වන පරිසරයේ අපට හමුවන බාල තරුණ මහළු හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙන් කර හදුනා ගත යුතුය. ඒ සදහා අප එකිනෙකාට නාමයන් ලබා දී ඇත. මෙම නාමයන් සමහරෙක්ට උප්පත්තියෙන්ම ලබා දුන් ඒවා වන අතර තවත් සමහරකුට පසුකාලීනව යොදා ගත් ඒවාවේ. තවත් සමහරක් ඔවුනගේ ගති ගුණ, හැඩ රුව අනුව ඔවුනට පට බැදුනු නම්වේ. මේ අනුව බලන කල එකිනෙකා ගෙන් වෙන් කර හදුනා ගැනීම සදහා ඔවුනොවුනට නමක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වේ.



සිදුහත් කුමරුහට නම් තැබීමේ මංගල්‍යය
සුද්ධෝදන රජුගේ පුත් කුමරා ඉපදී දින පහකට පසු තම කුමරුහට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. අප හැම දන්නා පැරණිතම නම් තැබීමේ උත්සවය මෙය වන අතර, මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවූ බව පොත පතේහී සදහන්ය. එමගින්ම යමෙකුට නම්   තැබීමේදී ජ්‍යොතිෂය මුල් කර ගෙන කළ බවට මනාව විද්‍යාමාන වේ. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය. ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය. නාමකරණයේ පැරණිතම සුප්‍රසිද්ධ ‍ඓතිහාසික අවස්ථාව ‍මෙය ලෙස පෙන්වා දිය හැක.




නමක් තැබීමේ අවශ්‍යතාවය

පෘථිවිය මත පවතින ඕනෑම පදාර්ථයක්, පුද්ගලයෙකු එකිනෙකාගෙන් වෙන්කොට හදුනා ගැනීම සදහා අප නමක් භාවිතා කරනු ලබයි. මෙය ආයතනයක් තවත් ආයතනයකින් වෙන්කර හදුනා ගැනීමටද නිවසක් තවත් නිවසකින් වෙන් කර පෙන්වාදීමටද යනාදී ලෙස නමක් තැබීමේ අවශ්‍යතාවය පෙන්වා දිය හැක.

නාමකරණය යනු කුමක්ද?
ජන්ම නැකත හා නැකත් පාදය පෙරදැරි කර ගනිමින් හදහනේ / ජන්ම පත්‍රයේ ප්‍රබලතම ග්‍රහයාට සීහුම් වන පරිදි ජ්‍යොතිෂයේ මූලික නීතීන් අනුගමනය කරමින් කාලෝචිතව අර්ථාන්විතව සුභ අක්ෂරයක් මුල් කර ගනිමින් සුභ ගණයකට අනුව චිරාත් කාලයක් ප්‍රයෝජනයට ගනු පිණිස නමක් යෙදීම නාමකරණයයි.
නාමකරණය විවිධාකාර ලෙස අපහට යොදා ගැනීමට සිදුවේ. එනම්;
1.     අළුත උපන් දරුවකු සඳහා වන නාමකරණය
2.     ව්‍යාපාරයක් සඳහා වන නාම කරණය හා
3.     ගෘහ නාමකරණය යනාදි වශයෙනි.

අප යොදා ගනු ලබන වර්ගය කුමක් වුවත් නාමකරණය යනු එකම පිහියක දෙපැත්ත මෙන් වාසි හෝ අවාසි සහගත වීමට පිළිවන. තවත් ආකාරයකින් කියන්නේ නම් නාමකරණයේ වැරදි නිවරදිතාවය මත එයම ඒ සදහාම  සෙත් කවියක් හො වස්කවියක් විමට ඉඩප‍්‍රස්ථාව පවතින බවයි. මේ නිසා නාමකරණය නිවැරදිව හැදෑරිය යුතු අතර එය යෝග්‍ය ලෙස යොදා ගැනීම ලෝ සතට සෙත කැන්දන කාර්යක් වනු ඇත.

එකිනෙකා හැදින්වීමට මෙන්ම කතා බහටද අප සැම භාවිතා කරනු ලබන සිංහල භාෂාව බොහෝ ක්‍රියා කාරකම් හි යොදවා ගනු ලබන පෙනී යයි.  සෙත් කවි, වස්කවි, මන්ත‍්‍ර, ස්තෝත‍්‍ර ආදි සියල්ලම පවතින්නේ අපගේ මෙම ජිවමාන භාෂාව තුළය.  එනමුත් ඉංග‍්‍රීසි භාෂාව තුළ මෙවන් වු දේ නොමැත්තේද එබැවිනි.  මේ නිසා ඉංග‍්‍රීසි භාෂාව යනු අජීවී භාෂාවක් දැයි සිතේ. අප භාවිතා කරන සිංහල භාෂාවේ පුද්ගල නාමනරණය යනු සුවිශේෂී අංගයකි.

විවිධාකාර වු සුභ හා අසුභ ප‍්‍රථිඵලයන් සහිතව සුභ වු හෝ අසුභ වු හෝ නාමකරණයක් භාවිතා කරන්නට ඕනෑම පුද්ගලයෙකුට සිදුවේ. හෙළ ශාස්ත‍්‍රිය ක‍්‍රමවේදයන් වැළලීයෑම හා බටහිර නාමකරණයට මුල්තැනක් දීම මතම ඉන් අසුභ ඵල සමස්ථ සමාජය කෙරෙහිම බලපානු ලබන්නේය. කෙසේ වෙතත් ජ්‍යොතිර්වේදය හදාරනු ලබන්නන් විසින් කිසියම් පුද්ගල නමක් සකස් වන්නේ කෙසේදැයි දැන සිටිම අත්‍යාවශ්‍ය කරුණකි. එමගින්  පුද්ගල නාමකරණය ඔස්සේ යම් තාක් දුරකට නිවරදිවම යාමටත්, එය ජ්‍යොතිර්වේදියෙකු ලෙස සේවය කිරීමටත් රුකුලක් වනු ඇත. එබැවින් නාමකරණයක් නිවරදිවම විය යුත්තේ කෙසේදැයි පිලිවෙලින් සොයා බලමු.

පුද්ගල නාමකරණය
අළුත උපන් දරුවකුගේ හදහන හෙවත් වේලාපත්කඩයට අනුව ඇතැම්හු ලග්නයටද, ඇතැම්හු දිනයටද ඇතැම්හු නැකතටද ඇතැම්හු පාදයටද නාමක්‍ෂර සපයා දෙති. එහෙත් නිවරදිම ක‍්‍රමය මෙය නොවේ යැයි ජ්‍යොතිෂ විශාරදයෝ පෙන්වා දෙති. බොහෝ විටක අළුත උපන් දරුවකුගේ මුල්ම ජන්ම පත‍්‍රය සකස් කරනු ලබන ප‍්‍රථම ජ්‍යෙතාෂවේදියා විසින් නාමක්‍ෂර සපයා දීම සම්ප‍්‍රදායානුකූලවම අප ශ්‍රී ලංකාව තුල සිදු සිදුවේ.
අද වන විට මෙම නාමක්‍ෂර ලබා දීම ඉහතින් දැක්වු ආකාරයට ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේදී ගැලපීම හෙවත් සිහුම් වීමම පමණක් සිමා වි සිදු කරතත් නිවරදිම ක‍්‍රමය එය නොවේ. මෙම කරුණු සියල්ල ලිත් පොත් වල එක එල්ලේම යොදා තිබීම නිසා එය ක්‍ෂණිකව මෙන්ම පහසුවෙන් ඔබට ලැබෙනු ඇත. නාමක්‍ෂරයක් ලබා ගැනීම පිණිස බලා සිටින්නට සිදු නොවනු ඇත. ජ්‍යොතිර්වේදීයා හමුවීමට ගිය විගස එය ලබා දෙනු ඇත. එහෙත් ඇතැම් විට එකී නාමක්‍ෂරය ඔබේ දරුවාගේ මුළු මහත් අනාගතයම අදුරු කරවිමේ හැකියාව සහිත එකක් වීමටද හැකියාව පවතී.
ජන්මියාගේ ලග්නයට දිනයට නැකතට හා එම නැකතේ අදාල පාදයට හිමි නාමක්‍ෂරය ඉතා සුක්ෂමව තෝරා බේරා ගැනිමට ජ්‍යෙතිර්වේදියා ශාස්ත‍්‍රය දත යුතුය. එය මුලික අදියරයන් කිහිපයකින් කළ යුතුය.
·         නාමක්‍ෂරය ප‍්‍රථම කොට ජන්මියාගේ ග‍්‍රහ බලපෑමට සිහේද යන වග පිරික්සිය යුතුය.
·         දෙවැනිව එය අඹතලයට, ස්වර වේදයට සීහුම් වේදැයි පිරීක්සිය යුතුය.
·         තෙවනුව එකි නාමක්‍ෂරය දෙමාපියන්ට පෙළපතට සීහුම් වේදැයි බැලිය යුතුය.
·         සිව්වෙනුව උපන් ගමට සිහේදැයි පිරික්සිය යුතුය.
එසේ සිහුම් ගණනය කොට නියම වු අක්ෂරය ලබා දුන් පමණින් ඉන් තම සමාජ තලයට පන්තියට ගැලපෙන ආකාරයේ නමක් හුදෙක් ශාස්ත‍්‍ර නියමයන්ට පටහැනිව තැබුවේ වි නමුදු එයින්ද අවැඩක් විය හැකිය. යම් ලෙසකින් ජ්‍යෙතිෂවේදියා සුසිද්ධව සීහුම් කොට දුන් නාමක්‍ෂරයෙන් පවා ඵලක් නොවන අවස්ථා පැවතිය හැකිය.
ශාස්ත‍්‍රයෙහි හැසිරෙන්නා සේම ඉන් ඵල ලබන්නාද අතීතයේදී එය දේවත්වයෙන් ඇදහුහ. අතීතයේදී නාමකරණය ජ්‍යෙතිෂවේදියාගේම කාර්‍යභාරය විය. නාමක්‍ෂරය ඔහු විසින්ද නාමකරණය වෙනත් අයෙකු විසින්ද නොකෙරුණේය. ඇතැම් සුවිශේෂිම වු විටක එසේ කලද එය මනා අරුතකින් යුතුව ගණ සුසැදිව සිදු කලේය. ඉන් යහපතක්ම මිස අයහපතක් සිදු නොවිනි.  එබැවින් නාමකරණය සුවිශේෂී කාර්යයක් ලෙස සලකා ඉතා නිවැරදිව කළයුතු වන්නේය.

ජන්ම නැකතට අනුව අක්ෂර තෝරා ගැනීම :

අළුත උපන් ජන්මියාගේ ජන්ම වේලාවට අනුව ජන්ම කේන්ද්‍රය සාදා නිම කළ යුතුය. එයින් අපට ලැබෙන දරුවාගේ ජන්ම නැකත හා නැකත් පාදය දිනය සහ ලග්නය ද අනුව ඊට හිමිවන අක්ෂර මුල්කර ගෙන සුදුසු ගණයක් පිහිටන ලෙසට නම් තැබිය යුතුයැයි ජ්‍යොතිෂයෙහි දක්වා ඇත.
ජන්ම නැකත හා එහි පාදය අනුව සුදුසු අක්ෂරය පහත සටහනේ දක්වා ඇත.

නැකත් හා පාද වලට හිමි අකුරු
නැකත
නැකත් පාදය
නැකත
නැකත් පාදය
1
2
3
4
1
2
3
4
අස්විඳ
චු
චෙ
චො
සා
රු
රෙ
රො 
බෙරණ
ලී
ලු
ලෙ
ලො 
විසා
ති 
තු
තෙ
තො
කැති
 
 
අනුර
 
නි
නු
නෙ
රෙහෙණ
 
වි
වු
දෙට
නො 
යි
යු
මුව සිරස
වෙ 
වො
කි
මුල
යෙ 
යො
බි
අද
කු 
පුවසල
බු 
පුනාවස
කෙ 
කො
හි
උත්‍රසල
 බෙ
බො
ජි
පුෂ
 හු
හෙ
හො
සුවණ
ජු 
ජේ
ජො
අස්ලිය
 ඩි
ඩු
ඩෙ
ඩො
දෙනට
 
ගි
ගු
ගෙ
මා
 
මි
මු
මෙ
සියාවස
ගො 
සි
සු
පුවපල්
මො 
ටි
ටු
පුව පුටු
සෙ 
සො
දි
උත්‍රපල්
 ටෙ
ටො
පි
උත්‍ර පුටුප
දු 
හත
 පු
රේවතී
දෙ 
දො
වී
සිත
පෙ 
පො
රි





මූලාශ්‍රය : ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 53

මෙම ජන්ම නැකත් වලට සීහෙන නැකත් වලින් ද තෝරා ගත් අකුරු යොදා ගත හැක. 

උපන් නැකතට සීහෙන නැකත් :

උපන් නැකත
සම්පත් නැකත
විපත් නැකත
 ක්ෂේම නැකත
ප්‍රත්‍යාකාරී නැකත
සාධක නැකත
වද නැකත
මෛත්‍රී නැකත
පරම මෛත්‍රී නැකත
1
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
2
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
3
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
4
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
5
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
6
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
7
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
8
පුෂ, අනුර, උත්‍ර පුටුප
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
9
අස්ලිය, දෙට, රේවතී
අස්විඳ, මා, මුල
බෙරණ, පුවපල්, පුවසල
කැති, උත්‍රපල්, උත්‍රසල
රෙහෙණ, හත, සුවණ
මුව සිරස, සිත, දෙනට
අද, සා, සියාවස
පුනාවස, විසා, පුවපුටු
පුෂ, අනුර, උත්‍ර පුටුප
මූලාශ්‍රය : පංචාග ලිතේ 102 පිටුවේ දැක්වෙන උපන් නැකත අනුව ඔබට ගැලපෙන නැකත් බලා ගත හැකි චක්‍රය

ඉහත දැක් වූ වගු දෙකම සලකා බලා, ඒ අනුව සරලව අක්ෂර නිර්ණය කර ගත හැකි හැමටම කාර්යයන් පහසු කරවන චක්‍රයක් ගොඩ නංවා ගත හැක. මා විසින් ගොඩනගන ලද මෙම චක්‍රය ඇමුණුමේ දක්වා ඇත.
ජන්ම නැකත මෙන්ම එයට සීහෙන සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී  සහ පරම මෛත්‍රී යන නැකත් ඛාණ්ඩ වලින් අක්ෂර කළඹක් ප්‍රථමයෙන් ලබා ගන්න.


උපන් දවසට අනුව අක්ෂර තෝරා ගැනීම :

ලබා ගත් අක්ෂර කළඹෙන්, දරුවාගේ උපත සිදුවූ සතියේ දිනය සලකා බලා එයට ගැලපෙන අක්ෂරයන් වෙන් කර ගන්න. දරුවා උපන් දවස අනුව තෝරා ගත හැකි සුදුසු අක්ෂර ලිත් පොත් වල දක්වා ඇති අතර මේ සදහා මූලික සිද්ධාන්තය වනුයේ එම දිනයට අදාල ග්‍රහයාට සීහෙන අකුරු තෝරා ගැනීමයි.  මේ නිසා දරුවාගේ ජන්ම කේන්ද්‍රය අනුව මෙම තෝරා ගැනීම නිශ්චය කර ගතයුතුය.

ජන්මපත්‍රයේ ප්‍රබලම ග්‍රහයාට අනුව නම් තැබීම :

දිනයට හා එයට අදාල වන ග්‍රහයාට අනුව තෝරා ගත හැකි අකුරු වනුයේ;
සත් දිනට හිමි අකුරු
දිනය
ග්‍රහයා
අක්ෂර
රවිදා
රවි
 අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ
සදුදා
සදු
 ය, ර, ල, ව, ශ, ප, ස, හ, ළ
කුජදා
කුජ
 ක, ඛ, ග, ඝ, ඩ
බුධදා
බුධ
 ට, ඨ, ඩ, ඪ, ණ
ගුරුදා
ගුරු
 ත, ථ, ද, ධ, න
කිවිදා
කිවි
 ච, ඡ, ජ, ඣ, ඤ
ශනිදා
ශනි
 ප, ඵ, බ, භ, ම
මූලාශ්‍රය: ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 53
නාමකරණයේදී ඉතාමත් ප්‍රබල සාධකයක් ලෙස ගැනෙන්නේ ජන්ම පත්‍රයයි. එහිදී ජන්ම පත්‍රයේ ප්‍රබලම ග්‍රහයාව තෝරා ගැනීම ඉතාම වැදගත් වේ. ග්‍රහ ප්‍රබලතාවය අනුව ජන්ම පත්‍රවල පුද්ගලයාගේ දිශානතිය එනම් යොමුවන මාර්ගය පිළිබදව යම් ඉගියක් පල කරන නිසා එයට ගැලපෙන අයුරින් නම් තැබීමට හැක. මේ නිසා කලින් තෝරා ගත් අක්ෂරය දරුවාගේ උපන් දවසට සීහුනද එදිනට අදාල ග්‍රහයා ජන්ම කේන්ද්‍රයට අදාලව දුබල නම් එම අක්ෂරය නාමකරණය සදහා සුදුසු නොවේ. ඉහත චක්‍රයෙන් සුදුසු අක්ෂරය තෝරා ගත හැක.

ලග්නයට අනුව සුබ අක්ෂරයක් තෝරා ගැනීම :

දරුවා උපන් ලග්නයට ද අදාල වන සේ අකුරු තෝරා ගත යුතුය. මීට පෙර තෝරා ගන්නා ලද අක්ෂර කළ‍ෙඹෙන් ලග්නයට ගැලපෙන අක්ෂර තෝරා ගත යුතුය. මෙහිදී එම අකුරු වලට අමතරව ලග්නයට සුබ ගණයද දක්වා ඇත. මේ නිසා ලග්නයට සුබ ගණය ද සලකා සුදුසු පරිදි අක්ෂර සංයෝජනය සිදු කර ගත යුතුය.
ලග්නය
අක්ෂර
මේෂ
අ, ආ, ශ
වෘෂභ
ඉ, ඊ, උ, ප 
මිථුන
ඌ, සෘ, සෲ, ස 
කටක
 ග, ගෘ, එ, හ
සිංහ
ඓ, ඔ, ඖ, ළ 
කන්‍යා
අං, අඃ 
තුලා
 ඛ, ක, ග, ඝ, ඩ
වෘශ්චික
 ච, ඡ, ජ, ඣ, ඤ
ධනු
 ට, ඨ, ඩ, ඪ. ණ
මකර
ත, ථ, ද, ධ, න 
කුම්භ
ප, ඵ, බ, භ, ඹ 
මීන
ය, ර, ල, ව 
මූලාශ්‍රය: ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 53

ගණය නමින් හැදින්වෙන්නේ යම් කිසි නමක හෝ පද්‍යයක මුල් පදයේ මුලින්ම යෙදෙන අකුරු තුනයි. මෙම අකුරු තුන භ්‍රස්ව අකුරුද ( එනම් අ,ක වැනි) එසේත් නැතහොත් දීර්ඝ අකුරු ද (එනම් ආ, කා වැනි) වශයෙන් යොදා ගෙන ඇති ස්ථාන පිළිවෙළ අනුව ගණයන් නම් කෙරේ. මෙය සරලව දක්වතොත්, නොඇදෙන අකුරු සියල්ල ලඝු වන අතර ශබ්ද කිරීමේදී ඇදෙන අකුරු සියල්ල දීර්ඝාක්ෂර ලෙස නම් කෙරේ. මෙය සංකේත වලින් දක්වතොත් බොහෝ ජ්‍යොතිෂ පොත් පත් වල ගුරු අකුරු සදහා (-) සෘණ ලකුණ ද ලඝු අකුර සදහා (+) ධණ ලකුණ ද යොදා ගැනේ.
උදාහරණ ලෙස මාගේ දියණියගේ නම වන සනලි යන නමේ අකුරු තුනම  (+++) ලඝු අක්ෂරයෝ වෙති.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කාරණය වන්නේ හල් අකුරක් පසුව ආ විට මුල් අකුර ගුරු ලෙස ගන්නා බව තේරුම ගත යුතුය.
උදාහරණ ලෙස නන්දන යන නාමය සැලකූ විට, න+න් අකුරු දෙකම සලකා එය ගුරු අකුරක් (-) ලෙසත් අනික් අකුරු දෙක ලඝු අකුරු  (+) ලෙසත් වටහා දිය හැක. එනම් නන්දන යනු (-++) ගණයේ වේ.
ගණ සම්බන්ද විස්තර සටහන :
මූලාශ්‍රය : ජී. ඇම්. ගුණපාල මහතා ගේ නිවැරදි නාමකරණය, පිටුව 15

මෙම චක්‍රයේ ගුරු අක්ෂර සදහා U ද ලඝු අක්ෂර සදහා - යොදා ඇත. මින් බුධි හෙවත් භූමි , දේව, චන්ද්‍ර හා ජල ගණ සුබ වන අතර අනෙකුත් ඒවා අසුබ වේ. එනම් සූර්ය, අග්නි, වායු හා ආකාශ ගණයන් අසුබ වේ.

සුබ අක්ෂර වර්‍ගය අනුව අක්ෂරයක් තෝරා ගැනීම :

නමක් තැබීමේදී ප්‍රථමයෙන් සුභ ගණයක් තෝරා ගත් පසුව ඊලගට තළ යුතු වන්නේ සුභ අක්ෂරයක් තෝරා ගැනීමයි. අක්ෂර වර්‍ග තුනක් ප්‍රබලව දැක් විය හැක. එනම්, දිව්‍ය අක්ෂර, මනුෂ්‍ය අක්ෂර හා අපාය අක්ෂරයි. වචනාර්ථයෙන්ම අපාය අක්ෂර හැර සෙසු වර්‍ග දෙක නාමකරණයට යොදා ගැනේ.
අක්ෂර වර්‍ගය
අක්ෂර
දිව්‍ය අක්ෂර
ඉ, ඔ, ත, ට, ද, ල, ස, ව, ඩ 
මනුෂ්‍ය අක්ෂර
 උ, ප, බ, ග, හ
අපාය අක්ෂර
 එ, ක, ය, ම, ර, ජ, අ, ණ, ළ, අං, න
මූලාශ්‍රය: ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 53

දිව්‍ය අක්ෂරයක් හෝ මනුශ්‍ය අක්ෂරයක් හෝ මුලට එන සේ කණට මිහිරි අර්ථවත් නමක් තැබීම දරුවාගේ අනාගත අභිවෘද්ධියට හේතුවේ. යම් හේතුවක් නිසා අපාය අක්ෂරයක් යොදා නම් තැබීමට සිදුවුවහොත් එයද සුබ ගණයකින්ම නම් තැබීම කළ යුතුය.

පිරිමි දරුවන්හට නම් තැබීමේදී හල් අකුරු අත්හැර ඉරට්ටේ අකුරු සංඛ්‍යාවකින්ද ගැහැණු දරුවන්හට නම් තැබීමේදී ඔත්තේ අතුරු සංඛ්‍යාවකින්ද නම් තැබීම සුදුසු බව පුරාණ ජ්‍යොතිර්වේදීන් ගේ මතයයි.

පංච පක්ෂි ක්‍රමය අනුව අක්ෂර තෝරා ගැනීම :

උපන් නැකත අනුව දරුවාට හිමි පක්ෂියා තෝරා ගෙන එයට සුදුසු වන අක්ෂරයක් වෙන් කර ගත හැක. ජ්‍යොතිෂයේදී යොදා ගනු ලබන පක්ෂීන් කිහිප වර්ගයකි.
එනම් ;
1.       භේරුණ්ඩ         (රාජාලියා)
2.       පිංගල                (බකමූණා)
3.       කාක                  (කපුටා)
4.       කුක්කුට             (කුකුළා)
5.       මයුර                   (මොණරා)   නම් වේ.

නැකත
පක්ෂියා
නැකත
පක්ෂියා
අස්විඳ
 රාජාලියා
සා
 කාක
බෙරණ
රාජාලියා
විසා
 කාක
කැති
රාජාලියා
අනුර
 කුක්කුට
රෙහෙණ
රාජාලියා
දෙට
 කුක්කුට
මුව සිරස
රාජාලියා
මුල
 කුක්කුට
අද
 බකමූණා
පුවසල
 කුක්කුට
පුනාවස
 බකමූණා
උත්‍රසල
 කුක්කුට
පුෂ
 බකමූණා
සුවණ
 කුක්කුට
අස්ලිය
 බකමූණා
දෙනට
 මයුර
මා
 බකමූණා
සියාවස
 මයුර
පුවපල්
 බකමූණා
පුව පුටු
 මයුර
උත්‍රපල්
 කාක
උත්‍ර පුටුප
 මයුර
හත
 කාක
රේවතී
 මයුර
සිත
 කාක


මූලාශ්‍රය: ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 37

මේ අනුව තම පක්ෂියාට සතුරු පක්ෂියා අතහැර සුදුසු පක්ෂියේකුට අයත් අක්ෂරයක් තෝරා ගත යුතුය.

පක්ෂි නාමය
හිමි අක්ෂරය
 භේරුණ්ඩ         (රාජාලියා)
අ, ආ 
 පිංගල                (බකමූණා)
 ඉ, ඊ
 කාක                  (කපුටා)
උ, ඌ 
 කුක්කුට             (කුකුළා)
 එ, ඒ
මයුර                   (මොණරා)
 ඔ, ඕ
මූලාශ්‍රය : ජ්‍යොතිෂ පිවිසුම 11, පිටුව 140

පක්ෂියාට සතුරු පක්ෂීන් හදුනා ගැනීම :

පක්ෂි නාමය
සතුරු පක්ෂියා
භේරුන්ඩ
පිංගල, මයුර, කුක්කුට
පිංගල
භේරුණ්ඩ, කාක, කුක්කුට, මයුර
කාක
භේරුණ්ඩ (සමයි)
කුක්කුට
කාක (සමයි)
මයුර
කුක්කුට, කාක (මිත්‍ර)
මූලාශ්‍රය : ජ්‍යොතිෂ පිවිසුම 11, පිටුව 140

මෙහිදී ඒ ඒ පක්ෂීන්ට සතුරු නොවන ලෙස නම් තැබීම සිදු කළ යුතුය. යම් නමක මුල් අක්ෂරය නමට සම්බන්ධ වන අනෙක් නමේ මුල් අක්ෂරය සමග විරුද්ධ නොවනසේ  යොදා ගත යුතුවන සේම මුල් නමෙහි මුල් අක්ෂරය හා ඊට සම්බන්ධ වන නමෙහි මුල් අක්ෂරය සමග වේද (විරුද්ධ) නොවිය යුතුය.


 පංච භූත චක්‍රය අනුව අක්ෂර තෝරා ගැනීම :

සිංහල භාෂාවේ ශබ්ද ශාස්ත්‍රයට අනුව නැගෙන ශබ්දය හෙවත් අක්ෂර වලට ඒ ඒ භූත කොටස්වල බලපෑම ඇති බව කියවේ. ඒ අනුව “අ” යන්න “ආ” යන්න වැනි අක්ෂර 52, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන භූත කොටස් වලට වෙන් කර දක්වා ඇත.
පංච භූත චක්‍රය
පඨවි
ආපෝ
තේජෝ
වායෝ
ආකාශ
 
සෘ 
 
 
 
 
 සෲ
 
 
 පෞ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 ක්ෂ
 
 අං
 අඃ
 අඃ
අඃ
අඃ
අඃ
මූලාශ්‍රය : ජ්‍යොතිෂ පිවිසුම 11, පිටුව 138


මෙම පංච මහා භූතයන් සැදුම් ලත් මිනිස් ශරීරය වා, පිත්, සෙම් යන තුන් දොස් සහ සිත, කය, වචනය යන තුන් දොර සංවරව පවත්වා ගැනීමටත් එයින් හට ගන්නා වූ මානසික හා කායික රෝග නිවාරණය කිරීම සදහා ජ්‍යොතිෂයේදි  පංච භූත චක්‍රය අනුව අක්ෂර තෝරා නාමකරණය සදහා යොදා ගැනීම සිදු කෙරේ.

මෙම භූතයන් අතර එකිනෙකට මිත්‍රවන සතුරුවන හා උදාසීන වන භූතයන් පවතී. එම භූතයන් අනුව සීහෙන භූතයන්ගෙන් සුදුසු අක්ෂරක් තෝරා ගෙන නමක් තැබිය යුතුය.

පංච භූතයන්
මිත්‍ර
සතුරු
උදාසීන
පඨවි
ආපෝ/ආකාශ
 තේජෝ
වායෝ 
ආපෝ
පඨවි/ආකාශ
 තේජෝ
 වායෝ
තේජෝ
වායෝ/ආකාශ
 ආපෝ
 පඨවි
වායෝ
තේජෝ/ආකාශ
 පඨවි
 ආපෝ
ආකාශ
ආපෝ, තේජෝ, වායෝ, පඨවි


 මූලාශ්‍රය : ජ්‍යොතිෂ පිවිසුම 11, පිටුව 138

අඹතල චක්‍රය අනුව අක්ෂර තෝරා ගැනීම :

මව හා පියාගේ නම් වලට විරුද්ධ නොවන ලෙස දරුවන්ගේ නම් තැබීමට සෑම විටම වගබලා ගත යුතුය. එසේ නොවුන හොත් අකීකරු මුරණ්ඩු දරුවක් බිහිවීමේ හැකියාව ඇත. මෙය පහසුකරවන ක්‍රමයක් සිදත් සගරාවේ දැක්වේ. එහි දක්වා ඇති පරිදි එය චක්‍රයකින් දක්වා ඇති අතර එය ආරම්භ වන අක්ෂර සතර අනුව එය අඹතල චක්‍රය ලෙස හැදින්වේ.


 අඹතල චක්‍රය

අක්ෂර
යෝනි

අක්ෂර
යෝනි
ඵල
1
අඹතල
මුගටි
5
උජබළ
නාග
මරණ භය
2
ආඕදව
මහීෂ
6
ඌටම අං
අශ්ව
ශෝක භය
3
ඉකනසු
උඵැක
7
එඬය
කාක
රෝග භය
4
ඊගපහ
ව්‍යාඝ්‍ර
8
ඒණර
මෘග
ව්‍යාසන භය
මූලාශ්‍රය : ජ්‍යොතිෂ පිවිසුම 11, පිටුව 140

මෙහිදී වේද වන අක්ෂර ඛාණ්ඩ දෙක වෙනම දෙකකට බෙදා දක්වා ඇත. ඒ අනුව 1-4 දක්වා අක්ෂර වලට පිළිවෙලින් 5-8 දක්වා අක්ෂර ඛාණඩ වේද වන බව පෙන්වා දී ඇත.

සිඬි චක්‍රය අනුව අක්ෂර තෝරා ගැනීම :

කේන්ද්‍ර හිමියාගේ නමේ මුල් අකුර අනුව තම බලාපොරොත්තු ප්‍රමාදවී සිදුවේ ද, උපක්‍රම මගින් සිදුවේද උපක්‍රම රහිතව ඉක්මනින් සිදුවේ ද සහ කිසිසේත් සිදු නොවේද යනාදී වූ අකුරක් තෝරා ගන්නා ආකාරය මෙම චක්‍රෙයන් පෙන්වා දෙනු ලබයි.  තෝරා ගනු ලබන අක්ෂරයක ඵලදායිතාවය නිර්ණය කර ගැනීමට මෙම චක්‍රය උපයෝගී කර ගත හැක.
මෙම චක්‍රයේ  සිඬි, සාඬ්‍ය, සුසිඬි හා අරි ලෙස කොටස් හතරක් වෙන වෙනම සලකා බලනු ලැබේ.  ස්ථුල සිඬි චක්‍රයේ  කුඩා කොටු හතර බැගින් වූ විශාල කොටු හතරක් ඇත. එහි ඇති කුඩා කොටු හතරක් සූක්ෂම සිඬි චක්‍රයක් ලෙස හදුන්වයි.


 සූක්ෂම සිඬි චක්‍රය :
ස්ථුල සිඬි චක්‍රය :








1
2

3
4


අ ක ථ හ
උ ධ ප

ආ ඛ ද
ඌ ච ඒ


5
6

7
8


ඔ ඩ ව
ඏ ත්ධ ම

ඖ ඪ ශ
ඐ ඤ ය









9
10

11
12


ඊ ඝ න
සෲ ජ භ

ඉ ග ධ
සෘ ඡ බ


13
14

15
16


අඃ ත ස
ඓ ඨ ල

අං ණ ෂ
ඒ ට ර








මූලාශ්‍රය: ලංකා පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත 2019-2020, පිටුව 53

තෝරා ගනු ලබන අක්ෂරය තිබෙන කොටුව ස්ථුල සිඬි චක්‍රයේ ,  සිඬි කොටුව ලෙසත් ඊට පසු පිලිවෙලින් සාඬ්‍ය, සුසිඬි හා අරි ලෙස ඊතල වලින් දක්වා ඇති පරිදි ගැන ගත යුතුය. සූක්ෂම සිඬි චක්‍රයේ කොටු ද මේ ආකාරයට නම් කර ගත යුතුවේ. එනම් අක්ෂරය තිබෙන කොටුව  සිඬි කොටුව ලෙසත් ඊට පසු පිලිවෙලින් සාඬ්‍ය, සුසිඬි හා අරි ලෙස ඊතල වලින් දක්වා ඇති පරිදි ගැන ගත යුතුය.


චක්‍රයේ  ප්‍රතිඵල :
1
(a)
සිඬි
-
සිඬි
-->
ප්‍රතිඵල ගෙන දේ. කීකරු වේ.
(b)
සිඬි
-
සාඬ්‍ය
-->
උත්සහයෙන් කීකරු කර ගත යුතුය.
(c)
සිඬි
-
සුසිඬි
-->
ශුභයි. ඉක්මනින් කීකරු වේ
(d)
සිඬි
-
අරි
-->
නෑයන්ට විපත් කරයි.
2
(a)
සාඬ්‍ය
-
සිඬි
-->
කීකරු කර ගැනීමට දැඩි උත්සහයක් ගත යුතුය.
(b)
සාඬ්‍ය
-
සාඬ්‍ය
-->
නිෂ්ප්‍රයෝජනයි.
(c)
සාඬ්‍ය
-
සුසිඬි
-->
මහන්සියෙන් හික්මවිය හැකිය.
(d)
සාඬ්‍ය
-
අරි
-->
පවුලේ අයට සතුරු වේ.

3
(a)
සුසිඬි
-
සිඬි
-->
කීකරු කර ගැනීම පහසුය.
(b)
සුසිඬි
-
සාඬ්‍ය
-->
උත්සහයෙන් කීකරු කර ගත හැකිය.
(c)
සුසිඬි
-
සුසිඬි
-->
ඉතා ඉක්මනින් කීකරු වේ.
(d)
සුසිඬි
-
අරි
-->
පවුලට අපලයි.
4
(a)
අරි
-
සිඬි
-->
පුත්‍ර හානි
(b)
අරි
-
සාඬ්‍ය
-->
දූ දරුවන්ට සහෝදරියන්ට විනාශය
(c)
අරි
-
සුසිඬි
-->
භාර්යා හානි
(d)
අරි
-
අරි
-->
මා පියන්ට විනාශය ලගා කරයි.


මේ ආකාරයට නාමකරණයේ දී තෝරා ගනු ලබන අක්ෂර යොදා ගෙන භාෂාවේ ප්‍රවීණයෙකු ලවා තේරුම් සහිත වූ කට වහරට අන්‍යාර්ථ නො හැගෙන නමක් යොදා ගත යුතුවේ. වර්තමානයේ බොහෝ දරුවන් විදේශ ගත වන නිසා විදේශයන් හී භාවිතාවන ලිය කියවිලි වල සදහන් කළ හැකි සරල වූත් ඉංග්‍රීසි භාෂාවෙන් පහසුවෙන් ලිවිය හැකිවූත් නමක් යොදා ගැනීම භාවිතා කරන්නාට අනාගතයේදී පහසුවක් ගෙනදේ.

දරුවාගේ උපන් දිනයේ සිට 10 වැනි 12 වැනි හෝ 15 වැනි දිනයන්හි ශුභ මුහුර්තියකින් නම ලියාපදිංචි කළ යුතුය.



මූලාශ්‍ර :
1.     ශ්‍රී සුබ මුහුර්ත - එච්. වී. ජී. සෝමසිරි ජයවර්ධන
2.     නිවැරදි නාමකරණය - ජී. ඇම්. ගුණපාල
3.     ජ්‍යොතිෂ පිවිසුම 11 - ආචාර්ය ආර්. කේ. රෝහන් සිසිරකුමාර
4.     ලංකා පඤ්චාඬග ග්‍රහස්ඵුට ලිත 2019-2020

මෙම ලිපිය රචනා කිරීමේදී හා මාහට අධ්‍යාපනය ලබා දුන් ගුරුතුමන් සියළු දෙනාටද,  උදව් උපකාර කළ හැමටම ස්තූතිය පිරිනමමු.







Comments

Popular posts from this blog

මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පිංදීම

ප්‍රියංකර මංජුසාව