Posts

Showing posts from May, 2020

අලුත උපන් දරුවකුට නම් තැබීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිර් විද්‍යාත්මක ක්‍රමවේදය

Image
අලුත උපන් දරුවකුට නම් තැබීමේදී අනුගමනය කළ යුතු ජ්‍යොතිර් විද්‍යාත්මක ක්‍රමවේදය පසුබිම : අප හැම ජීවත් වන පරිසරයේ අපට හමුවන බාල තරුණ මහළු හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙන් කර හදුනා ගත යුතුය. ඒ සදහා අප එකිනෙකාට නාමයන් ලබා දී ඇත. මෙම නාමයන් සමහරෙක්ට උප්පත්තියෙන්ම ලබා දුන් ඒවා වන අතර තවත් සමහරකුට පසුකාලීනව යොදා ගත් ඒවාවේ. තවත් සමහරක් ඔවුනගේ ගති ගුණ, හැඩ රුව අනුව ඔවුනට පට බැදුනු නම්වේ. මේ අනුව බලන කල එකිනෙකා ගෙන් වෙන් කර හදුනා ගැනීම සදහා ඔවුනොවුනට නමක් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වේ. සිදුහත් කුමරුහට නම් තැබීමේ මංගල්‍යය සුද්ධෝදන රජුගේ පුත් කුමරා ඉපදී දින පහකට පසු තම කුමරුහට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. අප හැම දන්නා පැරණිතම නම් තැබීමේ උත්සවය මෙය වන අතර, මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවූ බව පොත පතේහී සදහන්ය. එමගින්ම යමෙකුට නම්    තැබීමේදී ජ්‍යොතිෂය මුල් කර ගෙන කළ බවට මනාව විද්‍යාමාන වේ. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත් , මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවි...