වස්තර හා නිර්වස්තර

වස්තර හා නිර්වස්තර මේ දිනවල හැමෝම ලෝකයේ දිගම සාරි පොට ගැන කතා කරති. ලංකාවේ ද පසුගියදා නව වාර්තාවක් තැබීමට ගොස් ඉල්ලගෙන නා ගත්තේය. මේ සාරි පොටට ගිය රෙදි ප්‍රමානය ගැන හිතුවම මේක ලංකාවද කියලා හිතෙනවා. පාසල් ළමයිනුත් මේකට සම්බන්ධ නිසා තවත් තත්වය උග්‍රයි. පාසල් ළමයින්ට නිල ඇදුම් ලබා දෙන්න ගිහින් පසුගියදා හොද නෑමක් නෑවා කාටත් අමතක නැතිව ඇති. එක පැත්තක් එහෙම නාලා ඉන්න කොට තව කට්ටියක් සිල් රෙදි දෙන්න ගිහින් නා ගත්තා හොදටෝම ඇති. මේ ඔක්කෝම රෙදි ගැන නිසා මට හිතෙනවා මේ ඔක්කොම විලි වසා ගැනීම කියන මූලික සිද්ධාන්තයෙන් පැන නැගි ඒවා බව. ඇයි අපි රෙදි අදින්නේ කියන එක අමතක වන තරමටම දැන් දැන් රෙද්ද අමතක වෙලා. ඒත් කේන්ති ගිය වෙලාවට මතක් වෙන්නේ ආච්චිගේ රෙද්ද නිසා මිලියන බිලියන ගණන් වල වංචා දකින කොට නිතරම ආච්චිගේ රෙද්ද මතක් වෙනවා. බිලියනයකට රුපියල් දහයේ කාසි කීයක්ද, වේල් කීයක් හොද හැටි කන්න පුළුවන්ද කියලා වත් හිතා ගන්න බැරි මින්ස්සු පත්තර වල පොල් ගෙඩි අකුරු වලින් තියෙන මිලියන බිලියන කියවනවා. මූණ පිහදන තුවායට වයස අවුරුදු ගණන වත් හිතා ගන්න බැරි අය ලෝකයේ දිගම සාරි පොට ගැන කතා කරනවා. සාකච්චා මණ්ඩප වල එකිනෙ...