Posts

Showing posts from October, 2023
Image
  නිවැරදි අවබෝධය දුක්ඛ නිරෝධගාමිනී ආර්ය සත්‍යය විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල මෙසේ සඳහන් වේ. නිවැරදි දැකීම , නිවැරදි සංකල්පනා , නිවැරදි වචන කතා කිරීම , නිවැරදි වැඩ කිරීම , නිවැරදි දිවිපැවැත්ම , නිවැරදි උත්සාහය , නිවැරදි සිහිය , නිවැරදි සමාධිය යනුවෙනි. සියලු දුක් නැති කිරීමෙන් නිර්වාණාවබෝධයට ඒකායන මාර්ගය වන්නේ මේ අරි අටඟි මඟයි. එහි පළමු වැන්න සම්මා දිට්ඨිය හෙවත් ලෝකය සහ සත්වයා පිළිබඳ ව ඇති කරගන්නා වූ නිවැරදි අවබෝධයයි. වැරදි දැකීමක් ඇති තැනැත්තා දස වැදෑරුම් වූ මිච්ඡා දිට්ඨියකට පත්වන්නේය. එය දසවත්ථුක මිච්ඡාදිට්ඨිය නමින් හැඳින්වෙයි.   දන්දීමෙන් යහපත් විපාක නැත ශ්‍රමණ , බ්‍රාහ්මණ , දුගීමගී යාචකාදීන්ට පිං සලකා දන් දීමෙන් කුසලයක් සිදුවන්නේ නැතැ’යි කියන අය සිතන්නේ දන්දීම වස්තුව විනාශ වෙන නිශ්ඵල වැඩක් වශයෙනි. ඔවුහු දැඩි ආත්මාර්ථකාමී , වංචනික ජීවිත ගතකරති. අනුන් ගැන නොසිතන අයට වෙනත් කෙනෙකුගේ දුක තේරුම්ගත නොහැකිය. ඔවුන්ගේ සිත් ද රළුය. දරුණුය. මෙවැනි මිථ්‍යා අදහස්වලින් ඉවත් වී දන්දීමෙන් කුසල් සිදුවෙන බවත් එය සසර සුගතිගාමී වීමට හේතු වන බවත් පිළිගැනීම , සම්මා දිට්ඨියකි.   මහාපූජ...

මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පිංදීම

Image
  මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පිංදීම   ප්‍රාප්ති දානය හෙවත් පින් දීම. තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය , පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.   පැන් වැඩීම දායකයාගේ අතින් ගෙන ප්‍ර‍තිග්‍රාහකයාගේ අතෙහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍ර‍මය අතුරෙන් පැන් වත් කොට දීම ද පෙර පටන් මිනිසුන් අතර පැවත එන එක් දාන ...

වැදුම් පිළිවෙත

Image
  වැදුම් පිළිවෙත අල්ප පූජාවක් කළ කෙනෙකුට වුව ද ගෞරවය පමණක් කළ කෙනෙකුට වුව ද සිත පහදා ගැනීම පමණක් කළ කෙනෙකුට වුව ද එයින් මහත් අනුසසක් දෙන , මෙසේය කියා සිතා ගත නො හෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේ ය . ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සැදැහැයෙන් වැඳුම් පිදුම් කිරීමෙන් මෙලොවදී ම බොහෝ අනුසස් ලැබිය හැකිය . මෙලොවදී බලපොරොත්තු වන සෑම දෙයක් ම වැඳීමෙන් ලබා ගත හැකිය කියා ද නො සිතිය යුතුය . මෙලොවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතු වන බුද්ධ ගුණයන් කීර්තනය කර බුදුරදුන්ට ස්තුති කොට බැතියෙන් වැඳීම කළ යුතුය .   ශිෂ්‍යයෙකුට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ දියුණු තියුණු නුවණය . බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්ණනා කෙරෙමින් ස්තුති කෙරෙමින් වන්දනා කරන තැනැත්තාගේ ඥානය දියුණු වේ . එය එක වරක් දෙවරක් කිරීමෙන් සිදුවෙතැයි ද නො සිතනු . දිනපතා කලක් බුද්ධඥානය වර්ණනා කරමින් වඳින කල්හි ක්‍රමයෙන් ඒ තැනැත්තාගේ සම්මෝහය තුනී වේ . නුවණ තියුණු වේ . එසේ වන...